Spread the love

කුමන බාධක, අභියෝග පැමිණියත් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන්කරන මුදල් කිසිදු ලෙසකින් අඩු නොකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

ඇසේ සුද මතුවීම හේතුවෙන් පෙනීම අහිමි වූ රෝගීන් 1000 ක් සඳහා ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්ම සිදු කිරීමේ විශේෂ වැඩසටහනක්කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී ආරම්භ වූ අතර, දෙවන දිනයවනඊයේ (22) ප්‍රගතිය සොයා බැලීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහි නිරීක්ෂණයක නිරත විය.

රජයේ ප්‍රධාන රෝහල්වල පොරොත්තු ලේඛනයන්හි සිටින අක්ෂි රෝගීන් ප්‍රමාණය අවම කිරීමේ අරමුණින් පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ දී ආරම්භකරන ලද “Gift of Vision” විශේෂ වැඩසටහනට වසරක් සපිරීම වෙනුවෙන් මෙම විශේෂ වැඩසටහන සංවිධානය කර තිබිණි. මෙම වැඩසටහන යටතේ පසුගිය වසරේ 4000 කට අධික අක්ෂි ශල්‍යකර්ම ප්‍රමාණයක් සිදු කර ඇත. මෙම වැඩසටහන 2026 වසරේ පවත්වන ලද තෙවන වැඩසටහන වේ.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාමෙරටට බලපෑ දිට්වා සුළිකුණාටු තත්ත්ව හමුවේ වුවත්, මේ දිනවල මැද පෙරදිග පවතින යුධමය තත්ත්වය හමුවේදීත්, කුමන ගැටලු සහගත ත්ත්වයක් පැනනැගුනත් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයෙ, භාණ්ඩාරය වෙන්කරන මුදල්වල කිසිදු ලෙසකින් අඩුවක් සිදු නොකරන බව පැවසීය.

එමෙන්ම මෙරට සෞඛ්‍ය සේවාව ව්‍යුහාත්මකව ඉතා විශාල පරිවර්තනයකට ලක්කිරීමට උත්සහ කරමින්, ක්‍රියාකරමින් සහ සැලසුම්කරමින් සිටින බව ද සදහන්කළ අමාත්‍යවරයා මෙතෙක්කල් ආයතන කේන්ද්‍ර කරගනිමින් තිබුනු සේවාව පුරවැසියා ඉලක්ක කරගත් සේවාවක් බවට පත්කරන්නේ කෙසේද යන්න පිළිබදව මේවනවිට කටයුතු කරමින් සිටින බව ද පැවසීය.

පුරවැසියා වෙනුවෙන් ප්‍රශස්ථ සෞඛ්‍ය සේවාවක් ලබා දීම, පුරවැසියාට නිරෝගී දිවි පැවැත්මක් සහතික කිරීම,ආර්ථිකයට දායක වන පුරවැසියාව සෞඛ්‍ය සම්පන්නව රැක බලා ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය බව ද අමාත්‍යවරයා සදහන්කර සිටියේය.