Spread the love

ඉන්ධන මිල ඉහළ යාමත් සමගින් පාන් ගෙඩියක මිල අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් රු.10 කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කරයි.

ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 130ක් දක්වා ඉහළ නංවන බවද අනිකුත් කෑම වර්ග වල මිලත් රුපියල් 10 කින් ඉහළ නැංවීමට තීරණය කර ඇතැයිද බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේය.