Spread the love

ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා අද (04) දින පෙරවරුවේ කිරිබත්ගොඩ, පෞද්ගලික රෝහලක් විවෘත කිරීමේ අවස්තාවකට එක්වෙමින් පවසා සිටියේ වෛද්‍ය පීඨයකට ඇතුලත්ව වෛද්‍යවරයෙකු ලෙස පිටවන ශිෂ්‍යයෙකු වෙනුවෙන් රජය ජනතා බදු මුදල් රුපියල් ලක්ෂ 60කට අධික වියදම්ක් දරණ බවයි. එමෙන්ම එය අනෙකුත් අංශ හා සැසදීමේදී ඉතාම ඉහල අගය බවද ඒ මහතා සඳහන් කළා, ඉජිනේරුවෙකු බිහි කිරීමට රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් රජය දරණ බවත් මෙහිදී අවදාරණය කළා.

වෙද රජ ලෙස නම් දරා සිටි බුද්ධදාස රජ පරම්පරාවේන් පැවතෙන්නන් ලෙස වෛද්‍යවරුන් සමාජයේ ගෞරවට පාත්‍රවී ඇතිබවත්, එම සමාජ ගෞරවය ආරක්ෂාවන ලෙස සේවාව ලබා දෙනු ඇතැයි අමාත්‍යවරයා විෂ්වාස කරන බවද සඳහන් කළා.