දේවින්ද පිණිදිය
ASEAN Plus Cadet Sail (APCS) – 2026 වැඩසටහන යටතේ ඉන්දුනීසියානු නාවික හමුදාවේ ශිෂ්‍යභට නිලධාරීන් ඇතුළුව විදේශීය රටවල් විසිහයක (26) ශිෂ්‍යභට නිලධාරීන් සමඟ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI – 945’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2026 අප්‍රේල් 15) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකෙරිණි.
මෙලෙස දිවයිනට පැමිණි SAIL SHIP වර්ගයට අයත් ‘KRI BIMA SUCI – 945’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් SUGENG HARIYANTO කටයුතු කරනු ලබයි.
‘KRI BIMA SUCI – 945’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එම නෞකාව නිරීක්ෂණය සඳහා නාවික හමුදා පුහුණුවන නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයින් සහභාගි වීමට නියමිතව ඇත.
එමෙන්ම නෞකාවේ නැව් මුළුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.
