Spread the love

රාගම ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ කාන්තාවකගේ හිසකෙස් කපා අඩත්තේට්ටම් සිදු කිරීමේ සිද්ධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරිය ඇතුළු සැකකරුවන් 5 දෙනා අද (18) වැලිසර වැඩබලන මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 20 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කොට තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් ක්‍රියාත්මක වූ රාගම පොලිසිය, වින්දිත කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇති බවයි.

පොලිස් විමර්ශනවලට අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ප්‍රධාන සැකකාරිය සහ තවත් තරුණයන් සිව්දෙනෙක් වන මෙම පිරිස වයස අවුරුදු 20, 21, 22 සහ 23 යන වයස්වල පසුවන රාජාංගනය, කඩවත, රාගම සහ ත්‍රිකුණාමළය – චීනවරාය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ බවයි පොලිසිය සඳහන් කළේ.