Spread the love

කාන්තාවන් විසින් සිදු කරන සත්කාරක සේවාවන් සඳහා ලබා දෙන අවධානය අඩු වීම අහඹු සිදුවීමක් නොවන බවත්, එය ලොව පුරා ස්ත්‍රීවාදී ආර්ථික විද්‍යාඥයින් විසින් නිරන්තරයෙන් මතු කරන ස්ත්‍රීවාදය සම්බන්ධ ප්‍රධාන ගැටලුවක් වන අතර ව්‍යුහාත්මක මෙන්ම ස්ත්‍රීවාදී ගැටලුවක් වන වැටුප් නොලබා කාන්තාවන් සිදු කරනු මෙවැනි සත්කාරක සේවාවන් සඳහා විසඳුම් සෙවිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹදී පැවති “South-4-Care Learning Hub: Advancing Decent Work in the Care Economy in South Asia” වැඩසටහනේ ආරම්භක සැසිය අමතමින් අද( 21) අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

සත්කාරක සේවා ආර්ථික හා සමාජ ක්‍රියාකාරීත්වය සඳහා බලපාන මූලික අංගයන් වන බවත්, එය තවදුරටත් නොසලකා සිටිය නොහැකි බවත් අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය.

දකුණු ආසියාතික රටවල සහභාගීත්වයෙන් අප්‍රේල් 21 සිට 24 දක්වා පැවැත්වෙන මෙම කලාපීය වැඩසටහන, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), ලෝක බැංකුව සහ ILO අන්තර්ජාතික පුහුණු මධ්‍යස්ථානය (ITCILO) සමඟ සහයෝගයෙන් සංවිධානය කර තිබේ.

මෙම වැඩසටහන හරහා රටවල් අතර අත්දැකීම් හුවමාරු කර ගැනීම, ධාරිතාව ශක්තිමත් කර ගැනීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ ගැටලු සඳහා විසදුම් ලබා දෙමින් ස්ථාවර ආර්ථිකයක් සඳහා වන මාර්ග හඳුනා ගැනීමට කලාපීය වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ලබයි.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

කාන්තාවන් සිදු කරන සත්කාරක සේවා සම්බන්ධයෙන් පවතින ගැටලු සහ රැකවරණය ව⁣ගේම ආර්ථික තත්ත්වය තවදුරටත් නොසලකා සිටිය නොහැකියි. එය ආර්ථික ක්‍රියාකාරීත්වය සහ සමාජය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය අංගයක්. ගෘහස්ථ සේවය, ළමා හා වැඩිහිටි රැකවරණය හෝ ප්‍රජා සහයෝගය හෝ වේවා එය විධිමත් මෙන්ම අවිධිමත් ආර්ථිකයට පදනම සකස් කරනවා. සත්කාරක සේවාව යනු ළමා හා වැඩිහිටි රැකවරණ සේවාවන් ලබා දීම හෝ ප්‍රජා ආරක්ෂාව ශක්තිමත් කිරීමට පමණක් සීමා වෙන්නේ නැහැ. විශේෂයෙන්ම වැටුප් නොලබා සිදු කරන සත්කාරක සේවා හරහා ආර්ථිකයට ලැබෙන දායකත්වය හඳුනා ගත යුතුයි.

වැටුප් නොලබා සිදු කරනු ලබන සත්කාරක සේවා කාන්තාවන්ට ශ්‍රම බලකායට සහභාගී වීම සඳහා ඇති ප්‍රධාන බාධාවක්. ඵලදායී ශ්‍රම සහභාගීත්වය යන්න වැටුප් ලබා සිදු කරනු ලබන කාර්යයන් ලෙස පමණක් නිර්වචනය කිරීම සිදු නොකළ යුතුයි ඒවගේම කාන්තාවන්ට ශ්‍රම බලකායට සහභාගී වීමේ හෝ සහභාගී නොවීමේ සිය තේරීම සිදු කිරීමට අවස්ථාවක් තිබිය යුතුයි. නමුත්, පවුල සහ සමාජය පවත්වාගෙන යාම සඳහා ඔවුන් වැටුප් නොලබා සිදු කරන කාර්යයන් හරහා අපගේ ආර්ථිකයට ලැබෙන දායකත්වය අනිවාර්යයෙන් හඳුනාගැනීමත් අවශ්‍යයි. එය ආර්ථිකයේ ඉතා වැදගත් වගේම තවමත් වටිනාකම ලබා නොදුන් අංශයක්, ඵලදායී ශ්‍රම සහභාගීත්වය” යන්න වැටුප් ලබා සිදු කරනු ලබන කාර්යයන් ලෙස පමණක් නිර්වචනය කිරීම සිදු නොකළ යුතු යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

ශ්‍රී