නිමල් රාජපක්ෂ
Clean Sri Lanka ජාතික වැඩ සටහන මගින් ක්‍රියාත්මක කරන ‘සිහින ගමනාන්තය’ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.එම ව්‍යපෘතිය යටතේ පසුගියදා නවීකරණ කටයුතු ආරම්භ කල මරදාන දුම්රිය ස්ථානයේ පලමු අදියරේ නවීකරණ කටයුතු අවසන් කර මගී ජනතාවට එම පහසුකම් සලසාදීම අද දින (25) ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිංණ.

Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, NIO engineering ආයතනය, පෞද්ගලික අංශය සහ සිවිල් සංවිධාන ඇතුලු ආයතන රැසක ඒකාබද්ධ සහයෝගීතාවයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණ.
නවීකරණ ව්‍යාපෘතියේ පලමු අදියර සඳහා රුපියල් මිලියන තිස් පහක මූල්‍ය පිරිවැයක් දරා ඇත.අක්බාර් බ්‍රදර්ස් පුද්ගලික සමාගම නවීකරණ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සිදු කල අතර මාස හයක කාලයක් තුල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු විධිමත්ව සිදු කර ඇත.

ඒ යටතේ ආරක්ෂක කැමරා පද්ධති, විදුලි ආලෝක පද්ධති, නවීන උපාංග සහිත සනීපාරක්ෂක පහසුකම්,ගොඩනැගිලි සංකීර්ණයේ බාහිර සහ අභ්‍යන්තර තීන්ත ආලේපනය, පරිසර අලංකරණ කටයුතු සිදු කර ඇත.
එමෙන්ම දශක ගණනාවකින් කිසිදු අලුත්වැඩියාවකට ලක් නොවූ වර්ෂ සියයකට අධික ඉපැරණි දුම්රිය ගොඩනැගිල්ලේ වහලය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරිණ.දිගු කාලීනව එහි පැවති දිය කාන්දුවට ස්ථිරසාර විසඳුම් ලබා දුන් අතර එහිදී වරග අඩි දෙදහසකට අධික උඩු මහලේ කොන්ක්‍රිට් ආවරණ වහලය නවීන ඉඳිකිරීම් ක්‍රමෝපායන්ට අනුගතව ජල කාන්දු නොවන ලෙස (Water Proof) ප්‍රමිතිගත නවීකරණයට ලක් කර ඇත.
දේශිය හා විදේශිය මගී ජනතාවට දිවයිනේ සෑම පළාතකටම ගමනාගමන පහසුකම් සපයා ගැනීමට පැමිනෙන මරදාන දුම්රිය ස්ථානය අදියර කිහිපයක් යටතේ නවීකරණය කිරීමට සැලසුම් කර ඇත. එහි පලමු අදියර මේ යටත් සාර්ථකව අවසන් කෙරිණ.
නවීකරණයෙන් පසු දුම්රිය ස්ථාන පරිශ්‍රයේ වැඩිදියුණු කර ඇති පහසුකම් පිලිබඳ සොයා බැලූ අමාත්‍යවරයා ඉදිරි නවීකරණ කටයුතු විධිමත් කිරීමට අදාලව උපදෙස් ලබා දුන්නේය.
නවීකරණය කරන ලද මරදාන දුම්රිය ස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා,
ජනාධිපතිතුමාගේ යෝජනාවක ප්‍රතිඵලයක් ලෙස මෙම වැඩසටහන කරනවා. මේ සඳහා දිවයින පුරා දුම්රිය ස්ථාන 100 ක් හඳුනාගෙන තියෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශය, Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, පෞද්ගලික අංශයේ ආයතන සහ සිවිල් සමාජ සංවිධාන මේ සඳහා දායකත්වය සපයනවා. පහසුකම් වැඩිදියුණු කර අද ඔබ භාරයට පත් කල මරදාන දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු අක්බාර් බ්‍රදර්ස්’ ආයතනය ස්වේචාවෙන්ම බාර ගැනීම ඉතාමත් අගය කරනවා. පසුගිය කාලය ඇතිවූ අර්බුදයන් මැදින් වුවත් ප්‍රමාදයකින් තොරව මාස හයක් වැනි කාලයක් තුළ ප්‍රධාන ගොඩනැගිල්ල ඇතුළු පරිශ්‍රය තුළ තිරසර නවීකරණයන් සිදු කර තිබෙනවා. ඉහළ මට්ටමේ සනීපාරක්ෂක පහසුකම් ඇතුළුව යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම් සිදුකර තිබෙනවා.
වසර 100 කටත් වඩා පැරණි මෙම දුම්රිය ස්ථානයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සුරක්ෂිත කරමින් කලා කෘතියක් ආකාරයෙන් නිර්මාණයන් සිදුකර තිබීම විශේෂත්වයක්. එම නිසා මේ පොදු පහසුකම් නිසි පරිදි පරිහරණය කිරීම, සුරක්ෂිතව රැකබලා ගැනීම, මගී ජනතාවගේ මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ ද ප්‍රමුඛ වගකීමක් ලෙස සලකා කටයුතු කිරීම වැදගත්.
රටේ යහපත ප්‍රාර්ථනා කරන සියලු ප්‍රජාව මෙවැනි ජාතික සම්පත් රැකගැනීමට එක්විය යුතුයි. ස්ථානවලට සිදු කරන නාස්තියට, හානියට එරෙහිව සමාජයේ පෙළ ගැසිය යුතුයි.
මෙම අවස්ථාවට Clean Sri Lanka ලේකම් කාර්යාලේ ව්‍යාපෘති අධ්‍යක්ෂ එස්. පී. සි. සුගීෂ්වර, Akbar brothers පුද්ගලික සමාගමේ සභාපති අස්ගි අක්බාර් අලි, එහි අධ්‍යක්ෂ හුසේෆා අක්බාර් අලි මහත්වරු ඇතුළු ඉහළ කළමනාකාරීත්වය ද දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මපිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද NIO Engineering ආයතනය, CSL Engineering ආයතනය ඇතුළු ආයතන රැසක වෘත්තීයවේදීහු, නිලධාරීහු සහ පොදු ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.
