Spread the love

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් භාවිතයට මුදා හැරීම මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව , ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

සියලුම මෝටර් රථ හිමියන්ට කඩදාසි රහිත සහ කාර්යක්ෂම අත්දැකීමක් සහතික කරමින්, මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රය නවීකරණය කිරීම මෙහි අරමුණයි. එසේම ජාතික ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සහ මහජන ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා මෙය සැලකිය යුතු පියවරක් ලෙස ද සැලකේ