ඉන්දියාවේ සිට ආනයනය කරන ලද ජිප්සම් ප්ලාස්ටර් අතර සඟවා මෙරටට රැගෙන එන ලද වියලි ඉගුරු කිලෝ ග්‍රෑම් 3100,කහ කුඩු කිලෝ ග්‍රෑම් 360 ක් හා කහ කැබලි කිලෝග්‍රෑම් 240 ක ප්‍රමාණයක් සොයා ගැනීමට ඊයේ (29) රේගු නිවාරන අංශ නිලධාරීන් සමත් විය.
Scan images පරීක්ෂාවේදී ඇතිවූ සැකය මත, RCT රේගු පරීක්ෂණ අංගනයට රැගෙන විත් පරීක්ෂා කොට මේ භාණ්ඩ සොයා ගෙන ඇත.
කොළඹ 14 පිහිටි ව්‍යාපාරික ආයතනයක් මෙම භාණ්ඩ ආනයනය කර ඇත. වැඩිදුර විමර්ශන රේගු නිවාරණ අංශය මගින් සිදු කරමින් පවතී.
