නිමල් රාජපක්ෂ –
SLT සමූහය මෙම මූල්‍ය වර්ෂයට ශක්තිමත් ආරම්භයක් ලබාගනිමින්, 2025 පළමු කාර්තුවට සාපේක්ෂව 2026 පළමු කාර්තුවේදී ආදායමේ සහ ලාභදායීත්වයේ කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ.
බ්‍රෝඩ්බෑන්ඩ් (අන්තර්ජාල) සේවා සඳහා පැවති අඛණ්ඩ ඉල්ලුම සහ මෙහෙයුම් ලාභයේ හා ශුද්ධ ඉපැයීම්වල ශක්තිමත් වර්ධනයන් හේතුවෙන්, සිය ඉතිහාසයේ ඉහළම මෙහෙයුම් ලාභය සහ ශුද්ධ ඉපැයීම් වාර්තා කරගැනීමට සමූහය සමත්වු බව SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා පැවසුවේය.
විඩියෝව නරඹන්න
සමූහයේ සියලුම සමාගම් පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත්, ඒ සියල්ලෙහිම දායකත්වය හේතුවෙන් ඉතිහාසයේ විශිෂ්ටතම කාර්තුමය කාර්යසාධනය වාර්තා කිරීමට හැකි වූ බවත්, මෑතකදී පැවති මාධ්‍ය හමුවකදී SLT-MOBITEL නියෝජිතයෝ පැවසූහ. සන්නිවේදන ජාලය පුළුල් කිරීමේ සහ ස්ථානගත කිරීමේ ප්‍රමාදයන් සම්බන්ධයෙන් සමාගමට අඛණ්ඩව චෝදනා එල්ල වෙමින් තිබුණද, ජාලය ප්රශස්තව පුළුල් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, ඒ අතරේම සමාගම විසින් තමන්ගේ 5G ජාලය දිගින් දිගටම පුළුල් කිරීමේ ක්‍රියාවලියට රුකුලක් වීම සඳහා වත්මන් සාර්ව ආර්ථික අභියෝගයන්ට මුහුණ දෙමින් සිටින බවත් සමාගම අවධාරණය කර සිටී.
සමස්තයක් වශයෙන් ගත් කළ, මෙම ප්‍රතිඵල මගින් සමාගමේ ශක්තිමත් ක්‍රියාපටිපාටීන්, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ තිරසාර පාරිභෝගික විශ්වාසය පිළිබිඹු කෙරෙන අතරම, ඒ ඔස්සේ ඉදිරි වර්ෂය තුළ සමාගම නොනවතින ගම්‍යතාවයකින් යුතුව සුපැහැදිලි සාර්ථකත්වයක් අත්පත් කොට ගනු ඇතැයි පෙන්නුම් කෙරේ.
මෙම මාධ්‍ය හමුවට SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා, SLT-MOBITEL හි ප්‍රධාන විධායක නිලධාරී එම්. රියාස් රෂීඩ්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉමන්ත විජේකෝන් සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී සංජීව සමරනායක යන මහත්වරු සහභාගී වූ අතර, ඔවුහු සමූහය වසරේ පළමු කාර්තුව තුළ අත්පත් කරගෙන ඇති සුවිශේෂී කාර්යසාධනය මෙන්ම ක්‍රමෝපායික ආයෝජන සහ නවෝත්පාදනයන් තුළින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට නායකත්වය දීම සඳහා SLT-MOBITEL ගනිමින් සිටින පියවර පිළිබඳව අදහස් දැක්වූහ
English story
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
