නිමල් රාජපක්ෂ
කොළඹ සහ ඊට ආසන්න ප්‍රදේශවල ජලාශ, ජල බස්නා ඇළ මාර්ග සහ ඇවිදින මංතීරු විධිමත්ව නඩත්තු කිරීම සඳහා ආයතනික ඒකාබද්ධ සැලැස්මකට අනුව කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ මහරගම නගර සභා බල ප්‍රදේශයේ තලවතුගොඩ ජලාශයේ සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුතු සහ ඒ ආශ්‍රිතව පවතින ඇළ මාර්ග හා ඇවිදින මංතීරුවල තත්ත්වය සොයා බැලීම සඳහා ඊයේ (25) සිදු කළ ක්ෂේත්‍ර පරීක්ෂණයකදීය.
නාගරික සංවර්ධනයට අයත් ප්‍රධාන රාජ්‍ය ආයතන දෙකක් වන නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක් සැලැස්මකට අනුව ඒකාබද්ධව තිරසර නඩත්තු කටයුතු සිදු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
