Spread the love

නිමල් රාජපක්ෂ –


මොරටුව උයන පාරේ බලපත්‍ර නොමැතිව සාමාජිකයන් හට ලබා දීම සදහා පවත්වාගෙන ගිය ක්‍රිඩා සමාජයක් වටලා රුපියල් ලක්ෂ දහයක් වටිනා දේශීය හා විදේශීය මත්පැන් තොගයක් සමගින් එහි කළමනාකරු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ දේශීය හා විදේශීය මත්පැන් බෝතල් 116 ක් ,බියර් මිලි ලීටර් 500 යේ කැන් 55 ක් අත්අඩංගුවට ගත් බව දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිල් ඒකනායක මහතා පවසයි.


කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ මහ සැරයන් ලොකුපිටිය මහතාද ලද තොරතුරකට අනුව ව්‍යාජ ගැනුම් කරුවන් ලෙස වෙස්වලාගත් සුරාබදු නිලධාරී දෙදෙනකු එම ස්ථානයට ගොස් මත්පැන් මිලදි ගැනීමෙන් පසු අදාල ස්ථානය කොටු කර ගැනීමට සමත්වි ඇත.


මෙම ක්‍රිඩා සමාජය කාලයක් තිස්සේ නිති විරෝධී ලෙස මත්පැන් ජාවාරම ඉතා රහසිගතව සරුවට කරගෙන ගොස් ඇති බවට සුරාබදු නිලධාරීන්හට අනාවරණය වී තිබේ. ඉතා සුක්ෂම ලෙස කබට් සාදා ඒවාට බත්පැන් බෝතල අසුරා තබීම නිසා එහි ගිය කිසිවකුට මත්පැන් අලෙවි කිරිමට ඇති බවට සැක නොසිතෙනු ඇත.


අත්අඩංගුවට ගත් සැකකරු ජුනි මස 2 වැනිදින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන් .ඒ .පේමරත්න මහතාගේ නියෝගය මත , නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්( නීති ක්‍රියාත්මක කිරීම)තිස්ස රාජපක්ෂ මහතාගේ සහ දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරී පී.එන් . හේමන්ත යන මහත්වරුන්ගේ උපදෙස්මත, දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිල් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන් දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ සුරාබදු මහ සැරයන් ලොකූ පිටිය ,සුරාබදු කෝප්‍රල් 986 සනත්ගේ, 1176 චානු, 1188 කුම්බලාතර සහ සුරාබදු රියදුරු පුබුදු නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.