මල්වතු මහාවිහාරීය කාරක සංඝ සභාවේ නියමය පරිදි, අටමස්ථාන කමිටුව විසින් රුවන්වැලි වෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් තාවකාලිකව අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණයට පත්කර ඇත.
මල්වතු මහා විහාර පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය සහ අටමස්ථානාධිපති ධුරය සම්බන්ධයෙන් මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව විසින් විශේෂ තීරණ කිහිපයක් ගෙන තිබේ.
වත්මන් අටමස්ථානාධිපති, පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳ අවධානය යොමු කරමින් මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව විසින් අදාල පාර්ශවයන් කැඳවා කරුණු විභාග කර තිබිණ.
ඒ අනුව අද (30) දින රැස් වූ කාරක මහා සංඝ සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් පවතින අධිකරණ කටයුතු අවසන් වී ස්ථිර තීරණයක් ලැබෙන තෙක්, උන්වහන්සේ දැරූ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කරතිබේ.
