Spread the love

නිමල් රාජපක්ෂ-


මාධ්‍ය හැඳුනුම්පත පසුගිය පාලන කාලයන්හිදී විශාල පිරිසක් අවභාවිතා කර තිබු බවත් , ඇතැම් අය එය භාවිතා කරමින් තම පෞද්ගලික විදේශ සංචාරයන්හි පවා යෙදි තිබු තිබු බැවින් ,මෙවර මාධ්‍ය හැදුනුම් පත් ලබාදීම විධිමත් කොට සැබෑ මාධ්‍ය වේදින් හදුනාගෙන මාධ්‍ය හැදුනුම්පත ලබා දීමට පියවර ගත් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.හර්ෂ බණ්ඩාර මහතා පවසයි.

හර්ෂ  බණ්ඩාර මහතා එසේ පැවසුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් දීපව්‍යාප්තව දිස්ත්‍රික්ක මට්ටමින් මෙහෙයවන ” ඇසි දිසි පියවර ” 2026 මාධ්‍යවේදී අභිප්‍රේරණ වැඩමුළුවෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිණි.


එම වැඩමුළුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පසුගියදා (17) පැවැත්වූ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ රූපවාහිනී , පුවත්පත් ඇතුළු සියළු සමාජ මාධ්‍යයන්හි මාධ්‍ය ක්‍රියාකාරීන් මේ සඳහා එක්ව සිටියහ.


මෙහිදී අදහස් දැක්වු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා , මෙවර රජය රුපියල් මිලියන 50ක් වෙන් කළේ ජන මාධ්‍යවේදීන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීමටයි . එය තවදුරටත් ඇමතිවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන්ට හෝ රජයේ මාධ්‍ය අංශවලට ලැබෙන්නේ නැහැ.

2024 වසර වනවිට මාධ්‍ය හැඳුනුම්පත් 8100 ක් නිකුත් කර තිබූ නමුත් පසුගිය වසරේ එම හැඳුනුම්පත් නිකුත් කිරීම විධිමත් කිරීමත් සමග රට තුළ සැබෑ ලෙසම ජනමාධ්‍යවේදීන් 4700 ක් පමණක් සිටින බව හඳුනාගෙන් ඇති බවත් , අනෙක් පිරිස අමාත්‍යාශය මගින් ලබාදෙන හැඳුනුම්පත අවභාවිතාකර ඇති බවත් වැඩි දුරටත් පැවසුවේය.

මෙම වැඩමුළුවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරිය බණ්ඩාර මහතා මාධ්‍ය කටයුතු නවීන තාක්ෂණය යොදාගැනීම පිළිබඳවත්, “මාධ්‍යකරණය සඳහා කෘත්‍රීම බුද්ධිය සාධනීය ලෙස යොදා ගැනීම” යන මැයෙන් ආචාර්ය සංජන හත්තොටුව මහතා විසින් විශේෂ දැනුවත් කිරීමේ දේශනයක්ද , අනතුරුව ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී අනුගමනය කළයුතු “මාධ්‍ය ආචාර ධර්ම සහ ශ්‍රී ලංකාවේ වත්මන් මාධ්‍ය භාවිතය” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා මහත්වරුන් මෙහිදි අදහස් දැක්වුහ..

වීඩියෝව නරඹන්න