මාලන් විතාන
සමස්ත ලංකා බන්තු රේඛණ ශිල්පීන්ගේ සංගමයේ (All Ceylon Cardiographers Union) වෘත්තිකයින්ගේ වෘත්තීය ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංගමයේ සාමාජික පිරිසකගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී, රෝහල් පද්ධතිය තුළ බන්තු රේඛන ශිල්පීන් මුහුණ දෙන කාර්ය මණ්ඩල හිඟය, වැටුප් පරිමාණ, නිල නාමයන් සහ පුහුණු කටයුතු ඇතුළු කරුණු කිහිපයක් කෙරෙහි විශේෂ අවධානය යොමු වූ අතර, එම සංගමය ඉදිරිපත් කළ වෘත්තීය ගැටළුවලට සාධනීය විසඳුම් ලබාදීමට සහ අදාළ නිශ්චිත එකඟතාවයන්ට පැමිණීමට ද මෙම සාකච්ඡාවේ දි හැකියාව ලැබුණි.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම සඳහා, බන්තු රේඛන ශිල්පී පුහුණු පාසල තවදුරටත් වැඩිදියුණු කර මෙම වසර තුළදීම වැඩි ශිල්පීන් සංඛ්‍යාවකින් යුත් අභ්‍යාසලාභීන් කණ්ඩායමක් කඩිනමින් පුහුණුව සඳහා බඳවා ගැනීමට මෙහිදී තීරණය කෙරුණි.
සම්පූර්ණ කර ඇති සුදුසුකම් මත දැනට ලබමින් පවතින වැටුප් ප්‍රමාණය MT-4 සිට MT-6 වැටුප් පරිමාණය දක්වා ලබාදීම සම්බන්ධයෙන් වැටුප් කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර කඩිනම් පියවර ගැනීමට ද මෙහිදී එකඟතාව පළ විය.
වෘත්තීය ගැටළු මඟහැරෙන පරිදි තනතුරු නිල නාමයන් පිළිබඳව තීරණයක් ගැනීම සඳහා නිල නාම කමිටුව (Title Name Committee) වහාම රැස් කර අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට ද මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබීය.
බන්තු රේඛන ශිල්පීන් වෙනුවෙන් යෝජිත උපාධි පාඨමාලාව ආරම්භ කිරීමේ වත්මන් ප්‍රගතිය සමාලෝචනය කර ඉදිරි පියවර කඩිනම් කිරීමට ද මෙහිදී තීරණය විය.
දිවයිනේ ප්‍රධාන රෝහල්වල හෘද රෝග ඒකක සහ හෘද සැත්කම් ඒකක තුළ පැය 24 පුරා අඛණ්ඩව රෝගී සත්කාරක සේවාවන් සැපයීමේදී පවතින ගැටළු නිරාකරණය කරමින්, ඛන්තු රේඛණ ශිල්පී රෝගී සත්කාර සේවාව වඩාත් විධිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
රටේ සමස්ත හෘද රෝගී සත්කාරක සේවාවන් බිඳවැටීමකින් තොරව උසස් මට්ටමකින් පවත්වාගෙන යාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම අරමුණ වන බවත්, සමස්ත ලංකා බන්තු රේඛණ ශිල්පීන්ගේ සංගමය පෙන්වා දුන් සාධාරණ වෘත්තීය ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිරන්තරයෙන් අවධානය යොමු කරන බව ද මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රෝගී සත්කාරක සේවාවන් බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමට සහ බන්තු රේඛන ශිල්පීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් දක්වන සාධනීය ප්‍රතිචාරය සමස්ත ලංකා බන්තු රේඛන ශිල්පීන්ගේ සංගමයේ ඇගයීමට ද මෙහිදි පාත්‍ර විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමික එච්. ගමගේ, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, යූ.ඒ.එස්.එච්. සිසිර කුමාර, පුහුණු අංශයේ අධ්යක්ෂ (Director of Training) වෛද්‍ය සමන්ත ප්‍රභාත් රණසිංහ යන මහත්ම මහත්ම මහත්මීන් සහ සමස්ත ලංකා බන්තු රේඛණ ශිල්පීන්ගේ සංගමයේ සභාපති කේ.එම් අනුරාධ ශාන්තකුමාර, ලේකම් ඒ.එන් සූරියආරච්චි ඇතුළු සංගමයේ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.
