Spread the love

නිමල් රාජපක්ෂ-

රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජතික ක්‍රියාන්විතයේදී ප්‍රජා සංවර්ධන සභා ශක්තිමත් කිරීමත්, එමඟින් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් හඳුනාගැනීමත්, ඒවා ක්‍රියාත්මක කිරීම හා සංවර්ධන ක්‍රියාවලියට ප්‍රජාව දායක කර ගැනීමත් වෙනුවෙන් ප්‍රජා සවිබලගැන්වීම් නිලධාරීන් හට විශාල වගකීමක් පැවරෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල පවසයි.

සමස්ත ලංකා ප්‍රජා සවිබලගැන්වීම් නිලධාරී සංගමය හා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අතර ඊයේ (19) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති සාකච්ජාවකදී මේ බව සදහන් කළේය..

සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන් අතර පවතින ගැටලු ගණනාවක් පිළිබඳව එහිදී අවධානය යොමු කරන ලදි.

වසර 13ක් මුළුල්ලේ කිසිදු නෛතික රාජකාරී පැවරීමක්, උසස්වීම් පටිපාටියක් හෝ වැටුප් වැඩිවීමක් හෝ නොමැතිව සිටි සංවර්ධන නිලධාරීන් සඳහා ද අදියර 3ක් යටතේ රාජ්‍ය සේවකයන් සඳහා ලබාදුන් 70%ක වැටුප් වැඩිවීම සහිතව නිසි උසස්වීම් පටිපාටියක් යටතේ ප්‍රජා සවිබලගැන්වීම් නිලධාරීන් ලෙස විධිමත් තනතුරක පිහිටුවා ඇති බව සඳහන්කළේය.