:
මාපන් විතාන-
සෞඛ්‍ය ක්ෂේත්රය තුළ රෝගී ප්‍රවාහනය සහ හදිසි ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණැතිව මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක් ලබාදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ දි ඊයේ (30) සිදු කෙරිණි.
මෙම ගිලන් රථය ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපතිතුමා වෙත වෙන් කර තිබූ “නිසාන්” වර්ගයේ ගිලන් රථයකි.
ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය වෙත අනුයුක්ත කර තිබූණු මෙම ගිලන් රථය සක්‍රීය රාජකාරී කටයුතු සඳහා යොදා නොගන්නා බැවින් මෙරට සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යෑලය පියවර ගෙන තිබුණි.
ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත එම ගිලන් රථය නිල වශයෙන් ලබාදීම (30) දින සිදු වූ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් එම ගිලන් රථය මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරිම සඳහා එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය නලීන් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට එහිදී කටයුතු කෙරිණි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (සැපයුම්/Logistics) එච්.එම්.එන්. දිනිප්‍රිය හේරත්, අධ්යක්ෂ (ප්‍රවාහන) මුදිත විමලසේන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
