Spread the love

…මාලන් විතාන

කොළඹ කොටුව දුම්සිරිය ස්ථානයෙන් පස්වරු 4.00 ට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ දුම්රිය හා උදෑසන 05.55 ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය ගමන්වාර දෙක ඒ සඳහා යෙදවීමට බලවේග කට්ටලයක් නොමැති වීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ වන විට දිගින් දිගටම දුම්රිය ගමන් වාර අවලංගු වීම් වාර්ථා වීම දැන් දැන් සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙමින් පවතින අතර මේ හරහා මගී ජනතාව පීඩාවකට ලක්වෙමින් ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.