Spread the love

මාලන් විතාන –

සමස්ත ලංකා සමාජ සේවා නිලධාරීන්ගේ සංගමයේ මහ සභා රැස්වීම අද (02) පෙරවරුවේ නාවල, කොස්වත්ත පිහිටි සණස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි යන මහත්වරුන් එම අවස්ථාවට ආරාධිතයන් ලෙස සහභාගි වූහ.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, දශක හතකට වැඩි ඉතිහාසයක් ඇති සමාජ සේවා නිලධාරී සේවය, සමාජ පරිවර්තනයක් වෙනුවෙන් සුවිශේෂී සේවාවක් ඉටු කර ඇති බවයි. එමෙන්ම, වත්මන් ජාතික ජන බලවේග රජය ජනතාවාදී පාලනයක් බැවින්, ජනතාවට සේවය කිරීමේදී සමාජ සේවා නිලධාරීන්ගේ දායකත්වය ඉතා වැදගත් බවද ඒ මහතා පැවසීය. පසුගිය රජයන් සමයේ කඩා බිඳ දමා තිබූ රාජ්‍ය සේවය, වත්මන් රජය යටතේ යළි ශක්තිමත් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පෙන්වා දුන්නේ, රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක වෙනසක් උදෙසා ජාතික ජන බලවේග රජය කටයුතු කරමින් සිටින බවයි. 2026 අයවැය යෝජනා අතරින් රාජ්‍ය සේවයට අදාළ සියලු යෝජනා මේ වන විට රජය ක්‍රියාත්මක කර අවසන් බවත්, රාජ්‍ය සේවක වැටුප් ගැටලු විසඳීම වෙනුවෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සමස්ත ලංකා සමාජ සේවා නිලධාරී සංගමයේ සමාජික සාමාජිකවන්ගේ යෝජනා ඇතුත් යෝජනාවලියක් අමාත්‍යතුමා වෙත එහිදී ඉදිරිපත් කළා.
මෙම අවස්ථාවට සමස්ත ලංකා සමාජ සේවා නිලධාරීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය සහ සාමාජික සාමාජිකාවන් එක්ව සිටියහ.