නිමල් රාජපක්ෂ
ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්හට ලද තොරතුරකට අනුව සිදු කල සෝදිසි මෙහෙයුමකදි කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයෙන් හා රාගම වල්පොල ප්‍රදේශයෙන් සත්ව කොටස් ජාවාරමේ නිරත සැකකරුවන් දෙදෙනකුව වටලා අලෙවි කිරීමට සුදානම් කර තිබු රුපියල් ලක්ෂ ගණනක් වටිනා සත්ව කොටස් තොගයක් අත්අඩංගුවට ගැනීමට වනජීවි නිලධාරීන් සමත්විඇත.
අදාල සැකකරුවන් ඊයේ (03) පෙරවරුවේ කොටුකර ගත් අතර ඹවුන් සන්තකයේ තිබු කිලෝ 32 බර කොලර් ජනපදයක් , Horned Helmet (ලංකා සිතියම් බෙල්ලා) :- 01 ක්ද , Smooth Spider Conch (සුමට මකුළු බෙල්ලා) :- 01 ක්ද, දිවියෙකුගේ දතක්ද, සමුද්‍ර ජීවියකුගේ කොටසක්ද, සොයා ගැනීමට හැකිවී තිබේ.
මෙහිදි අත්අඩංගුවට සැකකරුවන් දෙදෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇති අතර ඉදිරියේදි මහර හා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ ඉදිරි නඩු කටයුතු සදහා මුතුරාජවෙල වනජීවි කාර්යාලය වෙත භාරදී ඇත.
ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් හට ලැබුණු තොරතුරකට අනුව එම තොරතුරු පිළිබඳව රිටිගල වනජීවි කාර්යාලයේ වනජීවි අඩවි ආරක්ෂක රාමසිංහ නිලධාරිතුමාට ලබාදුන් තොරතුරකට අනුව එම නිලධාරීන් කණ්ඩායම කුරුණෑගල වනජීවී සහකාර අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරින්,බස්නාහිර සහකාර අධ්‍යක්ෂක කලාපයේ,බුලත්කොහුපිටිය වනජීවි කාර්යාලයේ නිලධාරීන්,මුතුරාජවෙල වනජීවි කාර්යාලයේ නිලධාරින් හා වේළුවන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග එකාබද්ධව වනජීවි අනුරාධපුර කලාපයේ සහකාර අධ්‍යක්ෂක කීර්ති ශ්‍රී චන්ද්‍රරත්න, වයඹ කලාපයේ සහකාර අධ්‍යක්ෂක ශාන්ත වීරසිංහ , ගමිපහ කලාපයේ සහකාර අධ්‍යක්ෂක හේෂානි සෝමරත්න ,සහකාර අධ්‍යක්ෂක නීති රුචිරා කරුණා රත්න යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත වනජීවි නිලධාරීන් මෙම වැටලීම් සිදු කළහ.
