නිමල් රාජපක්ෂ-
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනවියගේ ප්‍රධානත්වයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රසම්පාන අංශය මඟින් දෙවන වරටත් සංවිධානය කරන ලද මරණයට කැපවූ ගවයකුට ජීවිත දානය ලබාදී නිදහස් කිරීමේ මහා පුණ්‍ය කර්මය 22 (අද) අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුරෙිණ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයයේ සියළුම නිලධාරීන්ගේ දායකත්වය ඇතිව සිදුකරන ලද මෙම පුණ්‍ය කර්මය සඳහා අමාත්‍යාංශයේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.
