නිමල් රාජපක්ෂ
ඌව පළාත තුළ ඉහළ NVQ සහතික සංඛ්‍යාවක් නිකුත් කළ ආයතනයක් ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය ද මෙම අවස්ථාවේදී සුවිශේෂී ඇගයීමකට ලක්විය.
මේ අතර, ඌව පළාත තුළ ඉහළ NVQ සහතික සංඛ්‍යාවක් නිකුත් කළ ආයතනයක් ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය ද මෙම අවස්ථාවේදී සුවිශේෂී ඇගයීමකට ලක්විය.
ජාතික වෘත්තීය නිපුණතා (NVQ) සහතිකපත් මිලියනයක් නිකුත් කිරීමේ සුවිශේෂී ජාතික සන්ධිස්ථානය සනිටුහන් කරමින් පැවති විශේෂ සැමරුම් උත්සවයේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විශිෂ්ට ඇගයීමකට ලක්විය.
තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ මෙම විශේෂ උත්සවය 2026 අගෝස්තු 12 වැනි බදාදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) දී පැවැත්විණි.
මෙහිදී දිවයින පුරා NVQ සහතික නිකුත් කළ පුහුණු මධ්‍යස්ථාන අතරින් දෙවන ඉහළම ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සබරගමුව පළාත් පුහුණු මධ්‍යස්ථානය සමත්විය.
එමෙන්ම සබරගමුව පළාත තුළ ආයතනයක් විසින් නිකුත් කරන ලද ඉහළම NVQ සහතික සංඛ්‍යාව වාර්තා කරමින්ද එම පුහුණු මධ්‍යස්ථානය විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව 2025–2026 කාලසීමාව තුළ සබරගමුව පළාත් පුහුණු මධ්‍යස්ථානය මගින් NVQ සහතිකපත් 9,849ක් නිකුත් කර ඇත.
මේ අතර, ඌව පළාත තුළ ඉහළ NVQ සහතික සංඛ්‍යාවක් නිකුත් කළ ආයතනයක් ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය ද මෙම අවස්ථාවේදී සුවිශේෂී ඇගයීමකට ලක්විය.
2025–2026 කාලසීමාව තුළ ඌව පළාත් කාර්යාලය මගින් NVQ සහතිකපත් 4,959ක් නිකුත් කර තිබේ. මෙම ජයග්‍රහණය දිවයින පුරා පිහිටි කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන හා පළාත් කාර්යාල මගින් වෘත්තීය නිපුණතා සංවර්ධනය වෙනුවෙන් සිදුකරන සේවාව තවදුරටත් තහවුරු කරයි.
විවිධ රටවල විදේශ රැකියා සඳහා පිටත්වීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමික ප්‍රජාවගේ වෘත්තීය නිපුණතා ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නවීන හා ප්‍රායෝගික පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ජාතික වෘත්තීය නිපුණතා සහතිකපත් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසයි.
සම්මාන හා ඇගයීම් සහතිකපත් ප්රදානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. NVQ සහතිකපත් මිලියනයක සන්ධිස්ථානය ළඟා කරගැනීම සඳහා දායකත්වය ලබාදුන් වෘත්තීය හා තාක්ෂණික පුහුණු ආයතන රැසක්ද මෙහිදී ඇගයීමට ලක්විය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු සජිත් චාමින්ද මහතා සහ ඌව පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී එස්. ගාල්ලගේ මහත්මිය අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතින් අදාළ සම්මාන හා ඇගයීම් සහතිකපත් ලබාගත්හ.
.
