නිමල් රාජපක්ෂ –
අධික වේගයෙන් අපරික්ෂාකාරි ලෙස සීදුව සිට ගම්පහ බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක් අස්ගිරිය පාලම අසළදීයතුරු පැදියකට ඉස්සර කිරිමට යාමේදි අනතුරකට ලක්වීමෙන් යතුරු පැදිය පැදවු පියා තුවාල ලැබු අතර පසුපසින් ගමන් කල සිය දියණිය බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් තිබේ
අනතුර සිදු වී අත්තේ අද (03) පෙරවරුවේදීය. අනතුරින් මියගොස් ඇත්තේ නාල්ල , ලෝලුවාගොඩ කිරිඋල්ලගම පදිංචි 32 හැවිරිදි හෙට්ටිආරච්චිගේ සචිණි උදේශිකා නැමැති තරුණියෙකි.
පෞද්ගලික බස්රථ රියදුරන් මහමග ඉතා සෙමින් ධාවනය කරමින් මග තලුමරමින් මගින් එකතු කරමින් සිට තම ධාවන බලපත්රය නියමිතවේලාව සටහන් කර ගැනීම සදහා මෙලෝ සිහියක් නොමැතිව අධික වේගයෙන් ධාවනය කරති.
මෙවැනි කිසිදු චාරයක් නොමැති රියදුරන් නිසා මේ වනවිට අහිංසක තරණ ජිවිතයක් විානස කල අතර යතුරු පැදි කරුද බරපතල තුවාල ලබා ගම්පහ මුලික රෝහලේ ප්රතිකාර ලබති
මියගිය තරුණියගේ දේහය ගම්පහ මුලික රෝහල් මෘත ශරිරා ගාරයේ තැන්පත් කොට තිබේ.
බස් රථයේ රියදුරු ගම්පහ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන හෙට (04) ගම්පහ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ගමපහ පොලීසිය වැඩි පරීක්ෂණ පවත්වයි.
