නිමල් රාජපක්ෂ-
මුහුදු බඩ මාර්ගයේ කාර්යාල දුම්රියයන් තුනක් 1971 ආ පැමිණිලි මත සිදුකල ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන 2 පංතියේ ගමන් කල මගීන් 35 දෙනෙකු පෙරේදා (9්) දුම්රිය ආරක්ෂක නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පරික්ෂාවකදි අත්අඩංගුවට ගත් මගින් බොහොමයක් තුන්වන පංතියේ වාර ප්‍රවේශපත්‍ර ලබාගෙන 2 පංතියේ ගමන් කල මගීන් බවත් එයින් වැඩි පිිරිසක් කාන්තාවන් බවත් දුම්රිය ආරක්ෂක නිලධාරින් පවසයි.
මොරටුව සිට බංගදෙනිය හා පුත්තලම බලා ධාවනය වු අංක 367 , පානදුර සිට හලාවත බලා ධාවනය වු 365, ගල්කිස්ස සිට පොල්ගහවෙල බලා ධාවනය වු අංක 356,යන දුම්රියයන් තුනම වැල්ලවත්ත දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුමරිය සථානය දක්වා සිදු කල පරික්ෂාවකදි අදාල මගින් 35 දෙනෙකු තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන 2 පංතියේ ගමන් කිරීමේදි කොටු කර ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරින් සමත්වී ඇත.
අදාල මගීන් කොටුව දුම්රිය ස්ථානාධිපතිවරයා ඉදිරියේ දඩ නියම කිරීමෙන් පසු මගින් 25 දෙනෙකුගෙන් රුපියල් අසුදහසකට ආසන්න දඩ මුදලක් ඒ මොහොතේම අයකර ගැනීමට හැකීවි තිබේ.
මෙහිදි අදාල මගින් ගෙන් 3500, 3400, 3200 ,3100,3040 , යන ආකාරයෙන් දඩ නියම කර තිබේ. ඉතිරි මගීන් ඒ මොහොතේ දඩ ගෙවීමට මුදල් නොමැති කමන් ඇපකර තබාගොස් ඇත.
දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත ,කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරි ඇතුලු නිලධාරින් 24 දෙනෙකු කණ්ඩායම් තුනකට බෙදී මෙම දුම්රියයන් තුන පරික්ෂා කොට ඇත..
