Spread the love

නිමල් රාජපක්ෂ 

ගෝලීය වශයෙන් ශීඝ්‍රයෙන් ඉහළ යන අධික තාප අවදානමට සාර්ථකව මුහුණ දීම සහ පරිසර හිතකාමී, තිරසර සිසිලන විසඳුම් ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචලිත කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සහ Cool Coalition සංවිධානය එක්ව සංවිධානය කරනු ලබන ‘ගෝලීය සිසිලන ප්‍රතිඥා සමුළුව 2026’ (Global Cooling Pledge Assembly 2026) සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සහභාගී විය.

සිංගප්පූරුවේදී ආරම්භ වූ මෙම සමුළුවේ සමාරම්භක දිනය වෙන්ව තිබුණේ ‘විද්‍යාවේ සිට සිසිලනය සහ අධික තාපයට ඔරොත්තු දීමේ ක්‍රියාමාර්ග සඳහා වන රට සහ නගර ප්‍රමුඛතා’ පිළිබඳ ගැඹුරින් විමසා බැලීම උදෙසාය. ලොව පුරා රටවල්, නගර නියෝජිතයන් සහ විෂය ප්‍රවීණයන් රැසක් ඒකරාශී වූ මෙම සමුළුවේදී, අධික තාපය සහ සිසිලන අවශ්‍යතාව පිළිබඳ නවතම විද්‍යාත්මක සොයාගැනීම් ගවේෂණය කරමින් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව උදා විය.

එහිදී අදහස් දැක්වූ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග සහ රටේ ප්‍රමුඛතා පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු කළේය. අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන නාගරික සැලසුම්කරණය, හරිත ගොඩනැගිලි සංකල්පය සහ බලශක්ති කාර්යක්ෂම තිරසර සිසිලන විසඳුම් මෙරට තුළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වූ ශ්‍රී ලංකාවේ ස්ථාවරය හා ඉදිරි දැක්ම ඒ මහතා සමුළුව හමුවේ පැහැදිලි කළේ