Spread the love

නිමල් රාජපක්ෂ 

උඩුදුම්බර ‘පුංචි ලෝකාන්තය’ නැරඹුම් මධ්‍යස්ථානයේ ප්‍රපාතයකට වැටී මියගිය 27 හැවිරිදි තරුණයෙකුගේ මෘතදේහය ගොඩගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ භට පිරිසක් 2026 සැප්තැම්බර් 16 වැනිදා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන මෙම නැරඹුම් මධ්‍යස්ථානයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මධ්‍යම පළාත් කාර්යාලය වෙතින් ලද දැනුම් දීමකට අනූව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ 17 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එදින පෙරවරු 6.00ට පමණ නුවරඑළියේ සිට අදාල ප්‍රදේශය වෙත පිටත්ව ගියහ.

මීටර් 355ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට වැටී තිබූ මෘතදේහය වෙත ළඟා වූ භට පිරිස්, දුෂ්කර කඳුකර භූමි ප්‍රදේශය හරහා විශේෂ මෙහෙයුම් ක්‍රමවේද භාවිත කරමින් මෘතදේහය එදින දවල් 12.30ට පමණ ආරක්ෂිතව ඉවතට ගෙන ඒමට සමත් වූහ.

අනතුරුව, මෘත දේහය වැඩිදුර නීතිමය කටයුතු සඳහා උඩුදුම්බර පොලිසිය වෙත භාර දෙන ලදී.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැණික්හින්න, ලුණුකැඩියාමඩිත්ත ප්‍රදේශයේ පදිංචිව තරුණයෙකු බැව් වාර්තාවේ.