නිමල් රාජපක්ෂ-
කොළඹ වරාය වෙත වෙළඳ නෞකාවක් රැගෙන ඒම සඳහා එම නෞකාවට ගොඩවීමට උත්සාහ කිරීමේදී හදිසි අනතුරකට ලක්ව මුහුදට වැටුණු නාවික නියමුවෙකු (Pilot) 2026 සැප්තැම්බර් මස 17 වන දින රාත්‍රීයේදී නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදා ගැනීමට සමත් විය.
ඒ අනුව, නාවික නියමුවා මුහුදට වැටී ඇති බවට කොළඹ වරාය පාලන මැදිරිය වෙතින් සිදුකළ දැනුම් දීමකට අනුව, කඩිනමින් ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ වරාය පිවිසුම ආසන්නයේ මුර සංචාරයේ යෙදී සිටි P 163 වෙරළබඩ මුර සංචාරක යාත්‍රාව එම ස්ථානය වෙත යොමු කෙරිණි. එහිදී එම යාත්‍රාව මඟින් මුහුදට වැටුණු නාවික නියමුවා නිරුපද්‍රිතව මුදාගෙන, ආරක්ෂිතව වරාය මෙහෙයුම් පාලන ජැටිය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.
තවද, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටියි
