“නිමල් රාජපක්ෂ
ඔක්තෝබර් 01 වන දිනට යෙදී ඇති ලෝක ළමා දිනයට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික සතියක් ප්‍රකාශයට පත්කර ඇත.
මෙවර ලෝක ළමා දිනය සමරනු ලබන්නේ ” මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන්න තේමා කරගනිමිනි.
2026.09.25 දිනෙන් ආරම්භ වන මෙම ජාතික සතිය 2026.10.01 දින පැවැත්වෙන ලෝක ළමා දින ජාතික සැමරුමෙන් අවසන් වෙයි.
පාසල් දරුවන්, රාජ්‍ය රැකවරණයේ සිටින දරුවන්, ගුරුවරුන්, දෙමව්පියන් ඉළක්ක ගත කරගනිමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම සති වැඩසටහන සැළසුම් කර ඇත.
ඔක්තෝබර් 01 වන දිනට යෙදෙන ජාතික සැමරුම් උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සහ නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා ගේ සහභාගීත්වයෙන් මත්තෙගොඩ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
