නිමල් රාජපක්ෂ
ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය හා ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුවේ ‘ජන දිය සම්පත’ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ (බණ්ඩාරවෙල, පස්සර සහ හාලිඇල ප්‍රදේශවල) ක්‍රියාත්මක කළ ප්‍රජා ජල ව්‍යාපෘති 06ක් ජනතා අයිතියට පත්කිරීම ඊයේ (03) දින සිදු කෙරිණි.
ඒ අනුව හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මොරේතොට වසමට අයත් සෙන් ජේම්ස් ප්‍රජා මූල සංවිධානය මඟින් ක්‍රියාත්මක කළ සෙන් ජේම්ස් ඉහළ කොටස ප්‍රජා පානීය ජල යෝජනාක්‍රමය, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, හාලිඇල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කර ජනතා අයිතියට පත් කරන ලදී.
රුපියල් මිලියන 1.7 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකර අවසන් කරන ලද මෙම ව්‍යාපෘතිය මඟින් සෙන් ජේම්ස් වතුකරයේ පවුල් 155ක් සඳහා පිරිසිදු, සුරක්ෂිත පානීය ජල පහසුකම් සැලසේ.
