Spread the love

දේවින්ද පිණිදිය

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ ආර්ථිකය පිළිබඳ අලුත් ප්‍රගතියක් අත්පත් කරගැනීමේ බලාපොරොත්තුවෙන් වුවද ගතව ගිය දෙවසර ඇතුලත ජනතාවගේ ජීවන තත්වය ඉහළ ගොස් ඇති බවක් නොපෙනෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2026.10.05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.    

එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා,

“පොහොසත් රටක් ලස්සන ජිවිතයක්” ආණ්ඩුවේ ලස්සන උදෘත පාඨය  මේ වන විට ආණ්ඩුවටත් අමතක වී, ඇතැම් විචාරකයින්ට විශ්ලේෂකයින්ට, ප්‍රශ්න කරන්නන්ටත් බොහෝ විට මෙය අමතක වී තිබෙනවා.

නමුත් මේ රටේ මහජනයා ඉතාම සෘජුව මේ ආණ්ඩුවෙන් පොහොසත් රටක ලස්සන ජිවිතය පිළිබඳ ප්‍රශ්නය අසමින්  සිටින්නේ. ආදායම් අඩුවීම පිළිබඳ ප්‍රශ්නයත්, ආදායම්වල සහ රැකියාවල අවිනිශ්චිතභාවය පිළිබඳ ප්‍රශ්නයත්, ජිවන වියදම දරාගත නොහැකි ලෙස අඛණ්ඩව ඉහළයාම පිළිබඳ ප්‍රශ්නයත්, අලුත් රැකියාව සහ උත්පාදනය නොවීම පිළිබඳ ප්‍රශ්නයත්, උද්දමනය, විරැකියාව, දුප්පත්කම මේ සියල්ල සම්බන්ධයෙන් නරක තත්වයක් ක්‍රමිකව වර්ධනය වෙමින් පවතිනවා. නමුත් ඒ සම්න්ධයෙන් ආණ්ඩුව නිහඩව  සිටිනවා යැයිද පැවසුවේය.