නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාවට සහ රණවිරුවන්ට ආශිර්වාද පතා විශේෂ දිව්‍ය පූජාවක් 2026 ඔක්තෝබර් 05 දින කෝට්ටේ ශාන්ත තෝමස් දේවස්ථානයේදී පැවැත්විණි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්නගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාවේදී කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් යුද්ධ හමුදා ධජ සහ දේවස්ථානයේ බැතිමතුන් ආශිර්වාද කරන ලදී.
මෙහිදී මියගිය රණවිරුවන් සිහිපත් කරමින් විශේෂ අනුස්මරණයක් පැවැත්වන ලද අතර මෙම අවස්ථාව සදහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් රැසක් සහභාගී වූහ.
