Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, කල්පිටිය ඉලන්තඩිය වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව අද දින (2026 ඔක්තෝබර් 07) උදෑසන සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, කල්පිටිය ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම මඟින්, එම වෙරළ ප්‍රදේශයෙහී තිබූ සැකකටයුතු උර පහලොවක් (15) පරීක්‍ෂාවට ලක්කෙරිණි.

එහිදී, නීති විරෝධී ලෙස රට තුලට රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද බවට සැකකෙරෙන, බීඩි කොළ කිලෝ ග්‍රෑම් පන්සිය හැත්තෑවකට (570) අධික තොගයක්මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

තවද, මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකර ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දීමට නියමිතව ඇත.