Spread the love

නිමල් රාජපක්ෂ-

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA (LCS 16)’ යුද නෞකාව අද දින (2026 ඔක්තෝබර් 09) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

ඒ අනුව, 2026 ඔක්තෝබර් මස 07 වැනි දින සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි මෙම ‘USS TULSA (LCS 16)’ යුද නෞකාව, එම අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව මෙලෙස දිවයිනෙන් පිටත් විය.