Spread the love

නිමල් රාජපක්ෂ

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙහෙයවන ලද ජාතික ඵලදායිතා මහා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ජාතික ඵලදායිතා සම්මාන 2025 /2026.

මෙහිදී රාජ්‍ය ආයතන රාශියක් මෙම රාජ්‍ය සම්මාන උලෙළට අයඳුම්පත් යොමු කොට තිබූ අතර එහිදී පාදුක්ක දුම්රිය ස්ථානය රාජ්‍ය අංශයේ කුසලතා සම්මානයක් දිනා ගැනීමට සමත් වූ අතර එම සම්මාන උළෙලේදී ඵලදායීතාව සම්මානයක් දිනා ගත් ප්‍රථම දුම්රිය ස්ථානය ලෙස පාදුක්ක දුම්රිය ස්ථානය තේරී පත්ව ඇත.

මෙම දුම්රිය ස්ථානය මීට පෙර ද විවිධ අවස්ථාවන් වල රාජ්‍ය සම්මාන උළෙල සඳහා නිර්දේශ වී සම්මාන දිනා ගැනීමට සමත්වූ අතර එහි කටයුතු අධීක්ෂණය හා දුම්රිය ස්ථානය මනාව කළමනාකරණ කරමින් එම දුම්රිය ස්ථානයේ කාර්යමණ්ඩලය මෙන්ම පාදුක්ක දුම්රිය ස්ථානයේ මහ ජනතාවගේ ද විශේෂ සහයෝගයක් මෙම කටයුතු සඳහා හිමිව ඇත.