නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන (NEV) වෙළෙඳපොළේ නව පියවරක් සනිටුහන් කරමින්, BYD සමාගමේ නවතම විදුලි මෝටර් රථයක් වන BYD RACCO මෙරටට හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. මේ සඳහා ශ්‍රී ලංකාවේ BYD වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto සමාගම කටයුතු කරයි.
මෙම රථය ජපාන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇති අතර, එහි සාර්ථකත්වයෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳපොළවල් සඳහා ද හඳුන්වාදීමේ වැදගත් පියවරක් ලෙස මෙය සැලකේ.
මෙම RACCO රථය ප්‍රථම වතාවට කොළඹදී එළිදැක්වු අතර මීට සමගාමීව මහනුවර හා ගාල්ල යන නගර වලද එකම දිනයකදී එකම වෙලාවට RACCO රථය මහජනතාව වෙත හදුන්වාදෙන ලදී
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්රමුඛ වාහන කාණ්ඩයක් වන RACCO රථය, ජපානයේ ජනප්‍රිය කුඩා මෝටර් රථ කාණ්ඩය වන Kei වාහන වෙළෙඳපොළ ඉලක්ක කරගෙන නිර්මාණය කර ඇත. මෙම කාණ්ඩයේ වාහන නාගරික ප්‍රදේශවල භාවිතයට BYD RACCO විදුලි මෝටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන (NEV) වෙළෙඳපොළේ නව පියවරක් සනිටුහන් කරමින්, BYD සමාගමේ නවතම විදුලි මෝටර් රථයක් වන BYD RACCO මෙරටට හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. මේ සඳහා ශ්‍රී ලංකාවේ BYD වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto සමාගම කටයුතු කරයි.
ලෝකයේ අතිවිශාල තරගකාරීත්වයක් සහිත ඉලෙක්ට්‍රික් වාහන වෙළෙඳපොළ තුළ ජපානය තුළ ඉහළ සාර්ථකත්වයක් අත්කර ගැනීමෙන් අනතුරුව RACCO මෝටර් රථය ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වාදීම විශේෂත්වයකි. ඉහළ ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ පාරිභෝගික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් නිර්මාණය කර ඇති Kei වාහන ප්‍රජාව අතර ජනප්‍රිය වී තිබේ.
මෙහිදී අදහස් දක්වමින් John Keells CG Auto සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේ, BYD RACCO මෝටර් රථය හඳුන්වාදීම තුළින් සමස්ත BYD සන්නාමය වෙත පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය තවදුරටත් ඉහළ නැංවීමට අවස්ථාව සැලසෙන බවයි. Kei මෝටර් රථ කාණ්ඩයට අයත් මෙම රථය නවතම තාක්ෂණයෙන් සමන්විත වන අතර, පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර තිබේ. එමෙන්ම පාරිභෝගිකයන්ට නවීන විදුලි වාහන තාක්ෂණය හඳුන්වාදීමේ අවස්ථාවක් ද මෙයින් සැලසෙන බව ඔහු සඳහන් කළේය.
ජපානයේ දක්නට ලැබෙන ගමනාගමන අවශ්‍යතා ඉලක්ක කරගත් මෙම මෝටර් රථය ආසියානු වෙළෙඳපොළ තුළ ද ඉහළ අවධානයක් දිනාගැනීමට සමත් වී ඇත. තවද කොළඹ, මහනුවර, කුරුණෑගල, ගාල්ල, අම්පාර, රත්නපුරය, මොරටුව, මීගමුව, මඩකලපුව සහ යාපනය යන නගරවල පිහිටි BYD ප්රදර්ශනාගාර හරහා ද පාරිභෝගිකයන්ට සේවා සැලසීමට කටයුතු කර තිබේ.
මෙම නව මෝටර් රථය හඳුන්වාදීමත් සමඟ BYD සමාගම විදුලි වාහන වෙළෙඳපොළ තුළ තවදුරටත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරයි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට නව විදුලි වාහන තාක්ෂණය හඳුන්වාදීමේ අවස්ථාවක් ද මෙයින් සැලසෙනු ඇත.
BYD සමාගම ලොව ප්රමුඛ විදුලි වාහන නිෂ්පාදකයකු වන අතර, එහි නව නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට හඳුන්වාදීම හරහා විදුලි වාහන භාවිතය පුළුල් කිරීමට කටයුතු කරයි. John Keells CG Auto සමාගම හරහා මෙරට BYD වාහන වෙළෙඳපොළ දියුණු කිරීම ද එහි අරමුණකි.
වීඩියෝව නරඹන්න,
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
