නිමල් රාජපක්ෂ-
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්තොම්බර් 10වන දින වත්මන් වැඩ බලන අටමස්ථානාධිපති ඊතල වැටුණුවැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තාය.
උතුරුමැද පළාතේ පාසල් නිරීක්ෂණය කිරීමට පැමිණි අතරතුර අග්‍රාමාත්‍යතුමිය අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේ බැහැ දැකීමට මෙලෙස පැමිණි අතර එහිදී රජය ගෙන යන නව වැඩ පිළිවෙලට ආශිර්වාද කළ අටමස්ථානාධිපති හිමියන් අධ්‍යාපන ප්‍රතිපත්ති, රාජ්‍ය ප්‍රතිපත්ති මෙන්ම කෘෂිකාර්මික ප්‍රතිපත්ති පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම පිලිබඳව දැනුවත්කරමින් කෙටි අනුශාසනාවක්ද පැවැත් වූහ.
මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාද සහභාගී විය
