Spread the love

නිමල් රාජපක්ෂ

උග්ගල්බොඩ හා උඩුගම්පල ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී රුපියල් 41 25 000 ක් පමණ වටිනා අයිස් මත්ද්‍ර තොගයක් ළග තබාගෙන සිටි සැකකරුන් දෙදෙනකු ගම්පහ පොලීසිය මගින් පෙරේදා (10)අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ අයිය් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 375ක් තිබු බව ගම්පහ මුලස්ථාන පොලිස් පරීක්ෂක ආර්.එම් ජයවීර මහතා පවසයි.


සැකකරුවන් කාලයක් තිස්සේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් ඇති අතර බස්නාහිර පලාත් බුද්ධි අංශයට ලද තොරතුර කට අනුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අදාල සැකකරුවන් කොටු කර ගැනීමට ගම්පහ පොලිසිය සමත්වී ඇත

අත්අඩංගුවට ගත් අයිස් ඩුබායි වල සිිටින අශේන් යන අයගේ බවට සැකකරුවන් පොලිසිය ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (11) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
.
ගම්පහ මුලස්ථාන පොලිස් පරීක්ෂක ආර්.එම් ජයවීර මහතාගේ උපදෙස් මත, ගම්පහ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති, උප පරීක්ෂක මධුශංක , පොලිස් කොස්තාපල් වරුන් වන 102528 හේරත්,102880 දිනේෂ්,103631 තිවංක යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.