නිමල් රාජපක්ෂ
ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව කොළඹ දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සංවිධාන කළ “කොළොම්තොට අභිනන්දන 2026” වැඩසටහනට යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් පැවති චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින්ගේ චිත්‍ර ඇතුළත් “සිත්තම් 2026” ප්‍රදර්ශනය ඔක්තෝබර් 13 වැනිදා නාරාහේන්පිට පිහිටි නිල මැදුරේදි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් විවෘත කළාය.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ්, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි, සමන්මලී ගුණසිංහ, දිස්ත්‍රීක් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
