Spread the love

නිමල් රාජපක්ෂ

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් එකසිය හැත්තෑ එකක් (171) සූදානමින් තබා ඇති අතර, අද දින (2026 ඔක්තෝබර් 14) උදෑසන වන විට ආපදා සහන කණ්ඩායම් පහක් (05) මධ්‍යම සහ සබරගමුව පළාත් තුල ස්ථානගත කර ඇත.   

ඒ අනුව,  බටහිර නාවික විධානය මඟින්; නාවලපිටිය ප්‍රදේශයේ එක් (01) කණ්ඩායමක්, ගම්පොළ ප්‍රදේශයේ එක් (01) කණ්ඩායමක් සහ රත්නපුර ප්‍රදේශයේ කණ්ඩායම් තුනක් (03) වශයෙන් ආපදා සහන කණ්ඩායම් පහක් (05) අවශ්‍යතාවය මත යෙදවීම සඳහා ස්ථානගත කර ඇත.