Spread the love

නිමල් රාජපක්ෂ-

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කඩිගමුව දුම්රිය ස්ථානය අසන්නයේ පස් කන්දේ පස් අද උදෑසන සහ සවස යලිත් සෝදාගෙන දුම්රිය මාර්ගය වෙත පැමිණ ඇත.

මේ හේතුවෙන් කොළඹ කොටුව සිට ගම්පොළ හා පේරාදෙණිය බලා ධාවනය වන දුම්රියයන් රඹුක්කන දුම්රිය ස්ථානයේදී ප්‍රමාධවී ධාවනය කල අතර සවස ගම්පොළ සිට ධාවනය වන දුම්රිය ද කොළඹ කොටුව බලා ධාවනය වීම ප්‍රමාද වෙයි..

මෙම පස්කන්ද සෝදාගෙන යාම දෛනිකව සිදුවන බැවින් දුම්රිය දෙපාර්තුමේන්තුව කිසියම් ස්ථිර පිලියමක් යොදන්නේ නම් හොද දුම්රිය සේවාවක් ලබා දිය හැකි බවත් මගී ජනතාව අපහසුතාවයන්ට පත් නොවනු ඇත.