නිමල් රාජපක්ෂ-
: දැදුරු ඔය ජලාශයේ ධාරා ප්රදේශයට ලැබෙන වර්ෂාපතනය අනුව මේ වන විට ජලාශයට ලැබෙන ජල ප්රමාණය වැඩිවෙමින් පවතී. එම ජල ප්රමාණය පාලනය කර ගැනීම සඳහා දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු අටක් අඩි 2 බැගින් විවෘත කර ඇති අතර දැදුරු ඔයට නිකුත් වන ජල ප්රමාණය තත්පරයට ඝන අඩි 10400 ක් වේ.
දැදුරුඔය ජලාශයට පහලින් දැදුරු ඔය ආශ්රිතව පදිංචි ජනතාව විශේෂයෙන් දැදුරුඔයෙහි ජල මට්ටම් වෙනස් වීම් පිළිබඳ ව අවධානයෙන් සිටීම වැදගත් වන අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරන අංශ මගින් විටින් විට වාන් දොරටු විවෘත කිරීම පිළිබඳව නිකුත් කරන නිවේදන පිළිබඳ ව අවධානයෙන් සිටීම ද වැදගත්වේ. වාරිමාර්ග අධ්යක්ෂක (ජල කළමනාකරණ)වරයා පැවසුවේය.
මේ වන විට රාජාංගන ජලාශයට ලැබෙන ජල ප්රමාණය පාලනය කර ගැනීම සඳහා රාජාංගන ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් ද, වාන් දොරටු දෙකක් අඩි තුන බැගින් ද, වාන් දොරටු දෙකක් දෙක බැගින් ද, විවෘත කර තත්පරයට ඝණ අඩි තුන්දාස් අටසීයකට අධික ජලප්රමාණයක් කලා ඔය වෙත නිකුත් කරමින් පවතී.
පෙරවරු 9.00 වන විට වාන් දොරටු මගින් නිකුත් කරන ජල ප්රමාණය තත්පරයට ඝණ අඩි 8,000 දක්වා දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන අතර ඉදිරියේදී ජලාශයේ පෝෂක ප්රදේශවල ලැබෙන වර්ෂාපතනය අනුව සහ ජලාශයට ලැබෙන ජල ප්රමාණය අනුව වාන් දොරටු විවෘත කිරීමේ ප්රමාණයන්ද වෙනස් විය හැකි බැවින් රාජාංගන ජලාශයට පහළ කලා ඔය ගංගා ද්රෝණිය අවට පදිංචි ජනතාව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරන අංශ මගින් විටින් විටින් නිකුත් කරන නිවේදන අනුව කටයුතු කිරීම මෙන්ම ගංගාවේ ජල මට්ටම් වෙනස් වීම් පිළිබඳ ව අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වේ.
මී ඔය ගංගා ද්රෝණියේ පිහිටි තබ්බෝව ජලාශයට මේ වන විට ලැබෙමින් පවතින ජල ප්රමාණය පාලනය කිරීම සඳහා එම ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි 1/2 බැගින් පෙරවරු 9.30 වන විට විවෘත කිරීමට අපේක්ෂා කෙරේ. ජලාශයේ පහළ ප්රදේශවල පදිංචි ජනතාව සහ මී ඔය ගංගා ද්රෝණිය දෙපස පදිංචි ජනතාව ගංගාවේ ජල මට්ටම් වෙනස්වීම් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ මගින් නිකුත් කරන නිවේදන අනුව කටයුතු කිරීම වැදගත් වේ. වාරි මාර්ග අධ්යක්ෂක (ජල කළමනාකරණ)වරයා වැඩි දුරටත් පැවසුවේය.
