නිමල් රාජපක්ෂ-
ලෝක බැංකු විධායක අධ්යක්ෂ නීලකාන්ත් මිශ්රා මහතා නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
ලෝක බැංකු විධායක අධ්යක්ෂවරයා පිළිගත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ලෝක බැංකුව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා අවධාරණය කළ අතර ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහයෝගය වෙනුවෙන් සිය ස්තූතිය පළ කළාය.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, විශේෂයෙන්ම රටේ ආර්ථික වර්ධනය, ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිසංස්කරණ සහ පවතින ප්‍රධාන අභියෝග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
යහපාලන (good governance) මූලධර්මයන්ට අනුකූලව ඩිජිටල්කරණය සහ ආයතනික රාමු ශක්තිමත් කිරීම වත්මන් රජයේ ප්‍රධාන ඉලක්ක අතර වන බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය.
ආර්ථිකය වර්ධනය කරා මෙහෙයවීමේදී පෞද්ගලික අංශයේ වැදගත් කාර්යභාරය පෙන්වා දුන් ලෝක බැංකු විධායක අධ්යක්ෂවරයා, ජාතික ආර්ථිකය ගොඩ නැගීම සඳහා පෞද්ගලික අංශය ශක්තිමත් කිරීම සහ සවිබල ගැන්වීමේ වැදගත්කම අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියලු ජන කොටස් ඇතුළත් තිරසර වර්ධනයක් විය යුතු බවත්, ආර්ථික සංවර්ධනයේ ප්රතිලාභ සමාජයේ සියලු කොටස් අතර සාධාරණව බෙදී යාම සහතික කළ යුතු බවත් අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය.
මෙම හමුවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සහභාගි වූහ.
