නිමල් රාජපක්ෂ-
දුම්රිය ආරක්ෂක සේවයට කඩිනම්න් ආරක්ෂක නිලධාරීන් හා නිලධාරීනියන් 254 දෙනෙකු බදවා ගැනීමට දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව මේ වනවිට ආරක්ෂක සේවාව සදහා ඉල්ලුම් පත් 2350 ක් පමණ ලැබී ඇතැයි දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා පවසයි.
මෙහිදී දුම්රිය ආරක්ෂක නිලධාරීන් 237 කු හා ආරක්ෂක නිලධාරිණියන් 17 දෙනෙකු දුම්රිය ආරක්ෂක සේවාවට බදවා ගැනීමට නියමිතය.
මේ සදහා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වීම ආරම්භ මේ මස 10 වැනිදා සිට ආරම්භ කොට.තිබිණ, මෙහි අවසන් අදියර සදහා අද සහ හෙට ( 25 හා 26 යන දෙදින තුළත් අදාල ඉල්ලුම් කරුවනගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වෙනු ඇත. එයට මීටර් දාහක් විනාඩි පහක් ඇතුළත දිවීම ,ඩිප්ස් 15 ක් ගැසීම, ව්‍යායාම හා මතක ශක්තිය කොතෙක් දුරට තිබෙනවාද යන්න පරික්ෂා කර බලනු ඇත.එම පරීක්ෂණය සමත් වු අය ලිඛිත විභාගයට කට යොමු කරනු ඇත.
එම ලිඛිත විභාගයෙන් වැඩිම ලකුණු ලබා ගන්නා අය සම්මුඛ පරීක්ෂණයකට යොමු කිරිමට නියමිතය.
සම්මුඛ පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබා ගන්නා අය අනුපිළිවෙලට දුම්රිය ආරක්ෂක සේවාවට කඩිනමින් බදවා ගන්නා බව දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.
