නිමල් රාජපක්ෂ-
ඓතිහාසික අලවල පොත්ගුල්ලෙන් රජ මහා විහාරස්ථානයේ කඨින පුණ්‍ය මහෝත්සවය විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කඹුරාවල වජිර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වැනි දින සිදු කෙරෙණ.
කඨික පිංකමට සමගාමීව බුද්ධ පුජා පවත්වා රාත්‍රිය පුරා පිරිත් සච්ජායනා කොට පසුදින අළුයම කඨින චීවරය රැගත් දර්ශනීය පෙරහැර විහාරස්ථානයේ සිට ගම පුර වීදී සංචාරය කළහ.
කඨින චීවරය රැගත් පෙරහැර අවසානයේ ස්වාමීන් වහන්සේලා පනස් නමකට දහවල් සංඝගත දක්ෂිනාවක් පැවැත්වුහ.
මෙම කඨින පිංකම සදහා දායකත්වය විශ්‍රාම ලත් බැංකු නිලධාරී නැසීගිය සුමන පාල මහත්මාට පිං පිණිස එම මහත්මිිිිිිිිිිිිිිය දුව බෑනා ඇතුලු හතර පේරුවේ දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුහ.
