නිමල් රාජපක්ෂ
2026 දෙසැම්බර් මස 09 වැනි දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 76 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු, කඤ්චුක පූජා පුණ්‍ය මහෝත්සවය ඊයේ( 2026 නොවැම්බර් 25) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර රුවන්වැලි සෑයඅභියසදී පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී, කෞෂල්‍ය ඕපාත ප්‍රනාන්දුද සහභාගී විය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 76 වැනි සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව, එම වැඩසටහන් මාලාවේ බෞද්ධාගමික වැඩසටහන් ආරම්භ කරමින්, නාවික හමුදාධිපති අනුරාධපුර රුවන්වැලි මහා සෑ විහාරාධිකාරී හා වෛත්‍යාරාමාධිකාරී, ශාස්ත්‍රපති, පණ්ඩිත පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, කඤ්චුක පූජා පිංකම රුවන්වැලි මහා සෑ රදුන් අබියස දී බෞද්ධාගමික වත් පිළිවෙත් අනුගමනය කරමින් පැවැත්විණි.
එහිදී, අලංකාරවත් පෙරහැරකින් රැගෙන ආ බෞද්ධ ධජය රුවන්වැලි මහා සෑ ගර්භය වටා පැළඳවීම නාවික හමුදාධිපති ප්රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික හමුදා බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් සිදුකිරීමෙන් අනතුරුව, ගරුතර මහා සංඝරත්නය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 76 වැනි සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාධිපති ඇතුළු සමස්ත නාවික හමුදාව වෙත ආශිර්වාද ප්‍රාර්ථනය කෙරිණි.
මෙම ආගමික වැඩසටහන සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ධමිමික විජේවර්ධන, නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ප්‍රේමරත්න, ඇතුළු විධාන ආඥාපතිවරුන්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, ධජ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.
