Spread the love

නිමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම සවුත්බාර් කලපුව ප්‍රදේශයේ 2026 නොවැම්බර් මස 25 වැනි දින රාත්‍රි කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කජු මද සහ තංගූස් නූල් තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් සවුත්බාර් කලපුව ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, කලපුව ප්‍රදේශයේ තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රාවන්හී උර හතලිහක (40) අසුරා තිබූ, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද, කජු මද කිලෝ ග්‍රෑම් හයසිය හැට එකක (661) පමණ තොගයක් සහ තංගූස් නූල් කිලෝ ග්‍රෑම් හත්සිය හතලිස් දෙකකට (742) අධික තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගනු ලැබීය.

තවද, නාවික හමුදා භාරයට ගත් මෙම භාණ්ඩ තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය රේගු නිවාරණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.