Spread the love

.

.නිමල් රාජපක්ෂ-

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ දිවයිනට පැමිණ සිටින රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සන් (Aleksander Gutsan) මහතා අතර හමුවක් 2026.11.26 (ඊයේ) පස්වරුවේ කොළඹදී පැවැත්විණි.

දුෂණය, සයිබර් අපරාධ මර්දනය ඇතුළු අපරාධ මැඩපැවැත්වීමේ ක්‍රියාවලිය සම්බන්ධ අවබෝධතා ගිවිසුමකට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා සහ රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සන් මහතා අතර අත්සන් කිරීමද මෙහිදී සිදු විය.

දෙරට අතර නීතිමය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ඇතුළු නීතිමය වශයෙන් වැදගත් වන කරුණූ සම්බන්ධයෙන් හා සුහදත්වය වර්ධනය කර ගැනීම පිළිබදව මෙහිදී සාකච්ඡා විය. දුෂණය, සයිබර් අපරාධ හා සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම දෙරටටම ඇති ප්‍රධාන අභියෝගයක් වන බැවින් ඒ වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු බව රුසියානු ප්‍රධාන අභිචෝදක ජනරාල්වරයා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාව තුළ නවීණ තාක්ෂණය භාවිතයෙන් සිදුවන සයිබර් අපරාධ හා, දුෂණ විරෝධි කටයුතු සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම ඇතුළු නීති විරෝධි කටයුතු මර්දනය සදහා නවීණ තාක්ෂණය සහාය ලබාදීම වෙනුවෙන් කෘතඥතාවය පළ කරන බව අධිකරණ අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේය.

නවීණ තාක්ෂණය භාවිතයෙන් සිදුවන සයිබර් අපරාධ, දුෂණ විරෝධි කටයුතු, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදය සහ අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සදහා තොරතුරු හුවමාරු කර ගැනීම සහ තාක්ෂණික පුහුණුව ලබාදීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණයි.

මෙම අවස්ථාවට නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න, රුසියානු සමුහාණ්ඩුවේ ‌ජ්‍යෙෂ්ඨ සහකාර අභිචෝදක ජනරාල් Sergej Larin, එරට දුෂණ විරෝධී නීති ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් Victor Baldin, එරට සාමාන්‍ය සංවිධාන හා විශ්ලේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් Valery Agnaltsov, රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති Levan S. Dzhagaryan, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( නීති) පියුමන්ති පීරිස් යන මහත්ම මහත්මීන් ඇතුළු රුසියානු සමූහාණ්ඩුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව සිටියහ.