නිමල් රාජපක්ෂ-
රත්නපුර සිල්වර් රේ හෝටල් පරිශ්‍රයේදී අගෝස්තු 31 සිට සැප්තැම්බර් 02 දක්වා පැවැත්වුණු ‘Gem City රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2026’ සාර්ථකව අවසන් විය.
ප්‍රදර්ශනයේ අවසන් දිනට එක්වූ කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේ, පෙර වසරට සාපේක්ෂව මෙවර දැක්වූ විශාල සහභාගීත්වය ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නව පිබිදීමක් පෙන්නුම් කරන බවයි.
ශ්‍රී ලංකාව සතු මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ ඇමරිකානු ඩොලර් බිලියන 3ක පමණ විභවය යථාර්ථයක් බවට පත් කරමින්, මැණික් පතල් කැනීමේ සිට අගය එකතු කිරීම, නිෂ්පාදනය සහ අපනයනය දක්වා සමස්ත වටිනාකම් දාමය ශක්තිමත් කර රත්නපුරය ජාත්‍යන්තර මැණික් කර්මාන්තයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ ප්රමුඛ අරමුණක් බවද ඔහු අවධාරණය කළේය.
ඒ සඳහා මැණික් කර්මාන්තයේ අනුප්‍රේක්‍ෂණ හැකියාව සහ ගෝලීය විශ්වාසය වර්ධනය කිරීම, ආනයන හා අපනයන ක්‍රියාවලීන් සරල කිරීම, අවශ්‍ය නීති හා පහසුකම් සැපයීම, නව පරපුරේ කුසලතා සංවර්ධනය සහ පර්යේෂණ හා දැනුම ව්‍යාප්ත කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙවර ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව, පාකිස්තානය, තායිලන්තය, ඇමරිකාව, චීනය, ජපානය සහ පෝලන්තය ඇතුළු රටවල් රැසක ජාත්‍යන්තර ව්‍යවසායකයින් සහභාගී වූ අතර, දේශීය ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත රැගෙන යාමටද මෙය වැදගත් වේදිකාවක් විය.
මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය, රාජ්‍ය නිලධාරීන්ද,මෙම අවස්ථාවට ප්‍රධාන ආරධිතයා වශයෙන් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සහභාගී වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය ජනක සේනාරත්න මහතා, වසන්ත පුෂ්පකුමාර මහතා, සුනිල් රාජපක්ෂ මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරෙය් සභාපති මහාචාර්ය එස් පී චමින්ද මහතා ඇතුළු මැණික් කර්මාන්තකරුවන් සහ දෙස් විදෙස් ව්‍යවසායකයින් රැසක් පිරිසක් සහභාගී වූහ.
