Spread the love

ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව – 2025

ආයතන සංග්‍රහයට අනුව මෙම ලැයිස්තුව 2024 11 01 දින වන විට ප්‍රකාශයට පත්විය යුතුව තිබුනද මාස 09 කට අධික ප්‍රමාදයකින් පසු ප්‍රකාශයට පත් වුයේ 2015.07.11 වන දිනය. එම ලැයිස්තුවේද ගැටළු ගණනාවක් දක්නට ඇත. ස්ථාන මාරු මණ්ඩල වලදි ලබා ගත් තීරණ පවා ක්‍රියාත්මක වී නැත.

ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව – 2015
අවසන් පුරප්පාඩු ලැයිස්තුවේ තිබු පුරප්පාඩු 78 ක් ස්ථාන මාරු මණ්ඩල එකඟතාවය උල්ලංඝණය කරමින් කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරව ඉවත් කර ඇත. එහිදි මෙතෙක් අනුගමනය කරන ලද ක්‍රියාවලිය උල්ලංඝණය කර ඇත්තේ, අධ්‍යක්ෂ/ වෛද්‍ය සේවා විසින් වැරදි තොරතුරු ලබා දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවා නොමග යවමින්ය. එය සමස්ත ලැයිස්තුවටම බලපෑමක් වී වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් අගතියට ලක් වී ඇත. එම සෞඛ්‍ය සේවා ස්ථාන 78 හි රෝගී සත්කාර සේවාවන් පවත්වා ගැනීමද ගැටළුවක් වී ඇත.

ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක නොවීම

මේ වන විට ක්‍රියාත්මක නොවු ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු 10000 කට අධික ප්‍රමාණයක් ඇත. එය සමස්ථ ශ්‍රේණි වෛද්‍යවරුන්ගෙන් 50%කට ආසන්න ප්‍රමාණයකි. ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයටය. සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම් විරහිත හා අකාර්යක්ෂම ක්‍රියාවලිය හේතුවෙන් වෛද්‍යවරුන් 10000 කට අධික පිරිසක් දැඩි පිඩාවට පත්ව ඇත.

වෛද්‍යවරුන්ගේ තාවකාලික අනුයුක්ත කිරීම් සිදු කිරීමේදී
ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතියට යටත්ව සිදු කල යුතු අතර එමගින් ක්‍රියාවලියේ සාධාරණත්වය, පාරදෘශ්‍ය භාවය සහ නිරවද්‍යතාවය තහවුරු කිරීමට හැකි වී ඇත.

එහෙත්, තාවකාලික අනුයුක්ත ලබාදීමේ ක්‍රියාවලියෙන් වෛද්‍ය ස්ථාන මාරු මණ්ඩලය මහහරිමින් අනීතික සහ අත්තනෝමතික ලෙස කටයුතු කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කටයුතු කර ඇති අතර එහි අරමුණ වනුයේ ස්ථාන මාරු ක්‍රියාවලියේ පාරදෘශ්‍ය භාවය සහ සාධාරණත්වය උල්ලංඝනය කරමින් පෞද්ගලික හිතවත්කම් වලට ප්‍රමුඛතාවය ලබාදීම ද යන්න බරපතළ සැකයක් මතු වී ඇත.

ස්ථානමාරු අභියාචනා ක්‍රම වේදය අත්හිටු වීම
ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ගැටළු පිළිබඳ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනා කිරීමට තිබු අවස්ථාව වසරකට අධික කාලයක් තිස්සේ අවහිර වී ඇත. එයට හේතු වී ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත එම අභියාචනා ක්‍රම වේදයට අදාල සම්මත මෙහෙයුම් පටිපාටිය සකස් කර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ /වෛද්‍ය සේවා මෙතෙක් අසමත් වී තිබිමයි.