Spread the love

නිමල් රාජපක්ෂ

2026 නොවැම්බර් 02 වන දින සිට, නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) සේවාවන් ලබා ගැනීම සඳහා මාර්ගගත (online) ක්‍රමවේදය හරහා වේලාවන් වෙන්කරවා ගැනීමේ පහසුකම නැවත ක්‍රියාත්මක කෙරේ.

එබැවින්, වාහන අලුතින් ලියාපදිංචි කිරීම, වාහන අයිතිය පැවරීම සහ තාක්ෂණික ගැටලු සම්බන්ධ කටයුතු සඳහා මාර්ගගතව වේලාවන් වෙන්කරවා ගන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු.

මෙය, උදෑසන කාලයේ සිටම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ජනතාව පෝලිම්වල රැඳී සිටීම අවම කිරීමට උපකාරී වනු ඇත.URL: https://dmtappointments.dmt.gov.lk/ මේ තුළින් ඹබගේ අවශ්‍යතාවය ඉටුකර ගත හැකියි.